Kadawara Yahana - වන්නියේ බණ්ඩර දෙවියෝ

වන්නියේ බණ්ඩර දෙවියෝ

 

ඌව පළාතෙහි බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වියලුව ප්‍රදේශයේ ගබඩා ගම නම් ග්‍රාමයේ උපත ලබන මෙතෙම කුඩා කාලයේ සිට අසහාය කාය ශක්තියක් ප්‍රදර්ශනය කළ කෙනෙකි.පුදුම සහගත දේ කිරීමටද මෙතෙම හපනෙක් විය.

තරුණ වියේදීම සන්නි යකා පරාජය කළ පසු මොහුගේ නාමය පැතිරිණි.අසාධාරණය අයුක්තිය වෙනුවෙන් මොහු සටන් කරන්නීය.යක්ෂයින් හා භූතයින් මොහු වෙතින් පරාජයට පත්විය.මොහුගෙන් ජනතාවට විශාල වෙහෙවරක් සිදූවී ඇති අතර ප්‍රදේශයේ සියලූම වැසියන්ගේ ආදරයට ගෞරවයට පාත්‍ර විය.එම නිසාම මරණින් පසු ජනතාව විසින් දේවත්වයෙන් අදහන්නට පෙළඹී සිටී.

උරණ්වින්න,පන්විල,කන්දෙ විහාරය,කතරගම,ගල් කොටුව,දිය බුබුල,ගෝනාගම වැනි පෙදෙස් වල වන්නියේ බණ්ඩාර දෙවියන්ගේ බලපෑම දැකගත හැක.